
යුක්රේනයේ සිටින ඇමරිකානුවන්ට වහාම එරටින් පිටවෙන ලෙස ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් දැණුම්දී තිබේ.
ඒ අනුව යම් අයුරකින් රුසියානු හමුදා විසින් යුක්රේනය ආක්‍රමණය කළහොත් යුක්රේනයේ සිරවී සිටින ඇමරිකානුවන් මුදා ගැනීමට හමුදාවන් යැවීමට තමන් කටයුතු නොකරන බවද ජනපති බයිඩන් ප්‍රකාශකර ඇත.
ඇමරිකානු ජනාධිපතිවරයා විසින් යුක්රේනය ආසන්න කලාපයේ තත්ත්වය ඕනෑම මොහොතක දරුණු අතට පත්විය හැකි බවටද අනතුරු අඟවා තිබේ.
ඇමරිකාව ප්‍රමුඛ බටහිර රාජ්‍යන් රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරිමට උත්සහකරන බවට චෝදනා කළද රුසියානු රජය එම චෝදනා ප්‍රතික්ෂේප කරන අතර තමන්ට කිසිම අයුරකින් යුක්රේනය ආක්‍රමණය කිරීමට අවශ්‍ය නොවන බවද රුසියාව සඳහන් කරයි.
කෙසේ වෙතත් රුසියානු රජය විසින් සඳහන් කර ඇත්තේ තමන් යුක්රේනය නේටෝ සාමාජිකත්ව ලබා ගැනීමට තමන් විරුද්ධ බවද ප්‍රකාශකර ඇත.
රුසියාව තමන් යුක්රේනය ආක්‍රමණය නොකරන බවට ප්‍රකාශ කළද මේවන විටත් ලක්ෂයකට අධික රුසියානු භටපිරිස් යුක්රේන දේශ සීමාවන් හී ස්ථාන ගත කර ඇති අතරම බෙලරුසය සමඟ රුසියාව මේවන විට විශාල යුද අභ්‍යාසයක්ද පවත්වමින් සිටියි.