සෞඛ්‍ය සේවකයින් පිරිසක් ක්‍රියාත්මක කරන අඛණ්ඩ වැඩ වර්ජනය හේතුවෙන් රෝගී ජනතාව සහ රටේ මහජනතාව අසරණ තත්වයට පත්වනු ඇතැයි විශේෂඥ වෛද්‍ය වෛද්‍යවරුන්ගේ සංගමය සඳහන් කරයි.
කොරෝනා ව්‍යසනය තදින් පැතිර යමින් තිබෙන මෙවන් අවස්ථාවක අඛණ්ඩ වැඩ වර්ජනයක නියැලීම ආත්මාර්ථකාමී ක්‍රියාවකැයි ද විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය ලක්කුමාර ප්‍රනාන්දු මහතා පැවසීය.
රජය වෘත්තීය සමිතිවල බලපෑම්වලට යටත් වී ඉකුත් කාලයේ විවිධ වැටුප් වැඩි කිරීම් සහ දීමනා ලබාදීම මගින් වැටුප් විෂමතා ඇති වූ බවද එම නිසා මෙම ව්‍යාකූල තත්වය නිර්මාණය වූ බව ද විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපතිවරයා පැවසීය.
වැටුප් විෂමතා ඉවත් කිරීම සඳහා ජාතික වැටුප් කොමිසම හරහා නිසි ප්‍රතිපත්තියක් සකස් කොට ක්‍රියාත්මක කළ යුතු බව ද ලක්කුමාර ප්‍රනාන්දු මහතා පැවසීය.
සෞඛ්‍ය සමිතිවල බලපෑම්වලට යටත් වී මේ අවස්ථාවේදී වැටුප් හෝ දීමනා වැඩි කර, වැටුප් විෂමතා තත්ත්වය තවත් ව්‍යාකූල නොකරන්නැයි රජයෙන් ඉල්ලා සිටින බවද ඔහු සඳහන් කළේය.