Home උණුසුම් පුවත් කොරෝනා එන්නත නොගත් ඇමරිකානු නාවික භටයින් සේවයෙන් පහකරයි

කොරෝනා එන්නත නොගත් ඇමරිකානු නාවික භටයින් සේවයෙන් පහකරයි

0
කොරෝනා එන්නත නොගත් ඇමරිකානු නාවික භටයින් සේවයෙන් පහකරයි

ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදාව කොරෝනා මර්ධන එන්නත් ලබා ගැනීමට ප්‍රතික්ෂේප කළ නාවික හමුදා සාමාජිකයින් 240 දෙනෙකු සේවයෙන් ඉවත් කර තිබේ.

මෙලෙස සේවයෙන් ඉවත් කළ නාවික හමුදා සාමාජිකයින්ගෙන් බහුතරයක් ක්‍රියාකාරී රාජකාරිවල නිතරවූන් බවද ඔවුන් සියලුදෙනා පෙන්ටගනය විසින් කොරෝනා මර්ධන එන්නත් ලබාගැනීම අනිවාර්ය කරමින් නිකුත් කළ නියෝගයට එකඟ නොවීම මත ඉවත්කළ බවද නාවික හමුදාව ප්‍රකාශ කර ඇත.

ඒ අනුව පසුගිය වසරේදී පෙන්ටගනය විසින් ඇමරිකාවේ සියලුම ආරක්ෂ අංශ සාමාජිකයින් හට කොරෝනා මර්ධන එන්නත ලබාගැනීම අනිවාර්ය කළ අතර නාවික හමුදා සමාජිකයින් සඳහා එන්නත් ලබා ගැනීමට ඉකුත් වසරේ නොවැම්බර් 28 වැනිදා දක්වා කල් ලබාදී තිබිණි.

කෙසේ වෙතත් මෙලෙස සේවයෙන් ඉවත් කළ සියලුම නාවික හමුදා සාමාජිකයින් හට ගෞරවනීය ලෙස සේවය අවසන් කළ අයට බවට සලකන බවත් ඔවුන් විශ්‍රාමික හමුදා සාමාජිකයින්ට ලැබෙන සියලුම වරප්‍රසාද හිමිවන බවත් ඇමරිකානු නාවික හමුදාව සඳහන් කරයි.

මේ අතර ඇමරිකානු ගුවන් හමුදාව විසින්ද සිය සමාජිකයින් 27 දෙනෙකුද මැරින් බලකාය සාමාජිකියන් 103 දෙනෙකුද එන්නත් ලබා නොගැනීම හේතුවෙන් ඉවත්කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here