Home උණුසුම් පුවත් අගමැතිගේ අභියෝගය සජබය බාරගනී – ඒ පිට්ටනියේදීම ජනරැළියකට සූදානම්

අගමැතිගේ අභියෝගය සජබය බාරගනී – ඒ පිට්ටනියේදීම ජනරැළියකට සූදානම්

අගමැතිගේ අභියෝගය සජබය බාරගනී – ඒ පිට්ටනියේදීම ජනරැළියකට සූදානම්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේ දී ඊයේ (9) පැවැති ජනරැලියේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කළ අභියෝග බාර ගනිමින් තම පක්ෂයද ලබන මාසයේදී එම ක්‍රීඩාංගණයේදීම ජනරැලියක් පවත්වන බව සමඟි ජනබල වේගය පක්ෂය සදහන් කරයි.

එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් මහතා සදහන් කළේ රජය විසින් කල්දමා ඇති පළාත් පාලන මැතිවරණය පවත්වන ලෙස තම පක්ෂය රජයට අභියෝග කරන බවයි.

එවිට සැබෑ ජනරැල්ල ඇත්තේ කාටද යන්න සෑබෑවටම දැකගත හැකිවනු ඇතැයිද ඔහු පැවසීය.

සමඟි ජනබලවේගයට කුඹුර, මහපාර, වැල්ල මෙන්ම ඕනෑම ජන්දයක්ද ඔට්ටු යැයිද මරික්කාර් මන්ත්‍රීවරයා වැඩිදුරටත් කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here