
නව සීලන්ත වැසියන් විසින් එරට පාර්ලිමේන්තු පරිශ්‍රය අවට ට්‍රක් රථ ඇතුළු වාහන යොදා ගනිමින් වැටලිමට පියවරගෙන තිබේ.
මේවන විට නව සීලන්ත රජය විසින් පනවා ඇති කොරෝනා මර්ධන නීති රීති සහ එන්නත්කරණය සම්බන්ධ වූ රෙගුලාසිවලට විරෝධය පළකරමින් එරට වැසියන් සියය ගණනක් මෙලෙස පාර්ලිමේන්තු පරිශ්‍රයට පිවිසීමට නොහැකි වන ලෙස මාර්ගය අවහිර කර ඇත.
නව සීලන්තයේ පැවැත්වෙන විරෝධතාවන්ට මේවන විට කැනඩාවේ ට්‍රක් රථ රියැදුරන් විසින් ක්‍රියාත්මක කරනු ලබන විරෝධතා වල අභාෂය ලැබී ඇති බවත් කැනඩා විරෝධතා කරුවන්ව අනුගමනය කිරීමක් නව සීලන්තය තුලද සිදුවන බවද විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
ඒ අනුව නව සීලන්තයේ සෑම ප්‍රදේශයකින්ම පාහේ වැසියන් මෙම විරෝධතා වලට එක්ව ඇති අතර ඔවුන් එම ස්ථානයන් හී කඳවුරු බැදීමකට සමාන ආකාරයකින් ස්ථාන ගතවී සිටින බවටද වාර්තවේ.
මෙම විරෝධතාකරුවන් බහුතරයක් මුඛ ආවරණ පැලදීමක් සිදු නොකරන අතර ඔවුන් විශාල පිරිසක් එන්නත්කරණයට විරෝධය පළකරනු ලබන පිරිස්වේ.