ස්වීඩනය විසින් එරට තුල සිදුකෙරෙන කොරෝනා පරීක්ෂණයන් නවතා දැමීමට තීරණය කරනු ලැබ තිබේ.
ඒ අනුව ඉදිරියේදී මහජනතාව විශේෂ මධ්‍යස්ථාන වලදී කොරෝනා පරීක්ෂාවට ලක්වීමක් හෝ කොරෝනා පරීක්ෂාවට විශේෂිත ස්ථානය ස්ථාපිත කිරීමක් හෝ ජංගම පරීක්ෂා කිරීම් සිදු කිරීම් නවතා දැමීමට ස්වීඩන් රජය තීරණය කර ඇත.
“අපි අද වන විට තවදුරටත් විශාල මුදලක් වැය කරමින් කොරෝනා පරීක්ෂා කිරීම් අවශ්‍ය නොවන මට්ටමකට පත්ව තිබෙනවා. ඒ අනුව තවදුරටත් කොරෝනා පරීක්ෂාවන් කිරීමට රජය විශාල මුදලක් වැය කිරීම සාධාරණීකරණය කිරීමට නොහැකි වී තිබෙනවා” යනුවෙන් ස්වීඩනයේ මහජන සෞඛ්‍ය ඒජන්සියේ ප්‍රධානී කාරින් ටෙග්මාර්ක සඳහන් කරයි.
ඒ අනුව සෑම පුද්ගලයෙකුම ඉතා සූක්ෂමව කොරෝනා ආසාදිතයෙකු දැයි යන්න සොයා බැලීමට පරීක්ෂණ කළහොත් ඒ සඳහා සතියකට ඇමරිකානු ඩොලර් මිලියන 55ක් පමණ වැය වන බවද ස්වීඩනයේ මහජන සෞඛ්‍ය ඒජන්සියේ ප්‍රධානියා පේනවා දෙයි.
මෙම මේවන විට ස්වීඩනය ඇතුළු යුරෝපා කලාපයේ බහුල වශයෙන් පැතිරයන ඔමික්‍රෝන් ප්‍රභේදයේ ආසාදිතයින්ට දැඩි බලපෑමක් සිදු නොකිරීම හේතුවෙන් කොරෝනා පරීක්ෂා කිරීම් වලට මුදල් වැයකිරිම ඵලදායී නොවන බවටද මතයක් නිර්මාණය වෙමින් පවති.
ඒ අනුව මින් ඉදිරියට ස්වීඩනයෙන් වෙසෙන වැඩි අවදානමක් මුහුණ දෙන පුද්ගලයින් වන සෞඛ්‍ය කාර්ය මණ්ඩල සහ වැඩිහිටියන්ට සත්කාර කරනු ලබන පිරිස් සඳහා රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නම් පමණක් නොමිලේ පී.සී.ආර්. පරීක්ෂණ සිදුකිරීමටද නියමිතය.
මේ අතර අනෙක් පිරිස් සඳහා රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නම් ඔවුන්ට හුදෙකලා වීමට පමණක් උපෙදෙස් දීමට නියමිත බවද ස්වීඩන් රජය සඳහන් කරයි.
කෙසේ වෙතත් තවදුරටත් ඇන්ටිජෙන් පරීක්ෂණ හෙවත් ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ කට්ටල සුපිරි වෙළෙඳසැල් වලින් සහ ෆාමසි වලින් මිලදී ගැනීමට හැකියාව පැවතියද එම පරීක්ෂණ වල ප්‍රතිඵල සෞඛ්‍ය අංශ වෙත දැණුම් දීමට අවශ්‍යතාවයක් පැනනොනැගෙනු ඇත.
එසේම එම පරීක්ෂාවන් සඳහා වැයකරන මුදල් සෞඛ්‍ය රක්ෂණ වලින් ආවරණය වීමක් සිදුනොකෙරනු ඇති බවටද වාර්තාවේ.