තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්හොර වැඩ, දූෂණ, හිංසන කරන බන්ධනාගාර නිලධාරීන් ගැන ගත් තීන්දුව

    හොර වැඩ, දූෂණ, හිංසන කරන බන්ධනාගාර නිලධාරීන් ගැන ගත් තීන්දුව

    බන්ධනාගාර නිලධාරීන් විසින් සිදුකරන නීති විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් දැනුම් දීමට බන්ධනාගාර රැඳවියන්ට හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට විශේෂ දුරකථන අංකයක් හඳුන්වාදී තිබේ.

    එවැනි තොරතුරු 011 267 8600 දුකරථන අංකයට අමතා එම තොරතුරු ලබාදිය හැකි බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

    මෙම අංකය වෙත ලබා දෙන තොරතුරුවල රහස්‍යභාවය සුරැකීමට පියවර ගන්නා බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සදහන් වෙයි.

    මේ අතර බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ දූෂණ ක්‍රියා සහ සිරකරුවන්ට වධහිංසා කිරිම් සිදුකරන නිලධාරින් වැඩ තහනමට ලක්වූ පසු ඔවුන්ගේ විනය පරීක්ෂණ හෝ අධිකරණ කටයුතු අවසන් වන තෙක් නැවත සේවයේ පිහිටුවිම පිළිබඳව සලකා නොබැලීමට ද බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

    බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, චන්දන ඒකනායක මහතා පවසන්නේ එවැනි නිලධාරීන් තවදුරටත් සේවයේ තබා ගැනීම බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ යහපැවැත්මට හා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ බහුතරයක් නිලධාරින් සිදුකරන විශිෂ්ට සේවයට ද හානිකර වන බැවින් මේ තීරණයට එළැඹි බවයි.

    එවැනි නිලධාරීන් වරදකරුවන් වන්නේ නම් සේවයෙන් පහ කිරීමට හෝ දැඩි දඬුවම් ලබාදීමට  කටයුතු කරන බව ද එහි සඳහන් ය.

    මේ පිළිබඳව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා සියලු අධිකාරිවරු වෙත දන්වා නිලධාරින් දැනුවත් කිරීමට ද පියවර ගෙන තිබේ.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img