කොරොන් වසංගතය සමයේ කැපවීමෙන් සේවය කළ සිය සේවක මඩුල්ලට ස්තූති කිරීමක් වශයෙන් ස්පාඤ්ඤයේ හෝටලයක නිවාඩුවක් ගතකිරීම සඳහා ගෙනයෑමට බ්‍රිතාන්‍ය සමාගමක් තීරණය කර ඇත.
යොලක් රෙක්කෲට්මන් නම් වන, සමාගම්වලට නව සේවකයින් සොයාදීමේ නිරත සමාගමක් විසින් මෙලෙස සිය සේවකයින් නිවාඩුවක් ගත කිරීමට ස්පාඤ්ඤයේ ටෙනරීෆ් දූපතට රැගෙන යාමට නියමිතය.
ඒ අනුව අදාල සමාගමේ සිටින සේවකයින් 55 දෙනාට මෙම අනගි අවස්ථාව හිමිවන අතර ඒ සඳහා සමාගම විසින් බි්‍රතාන්‍ය පවුම් ලක්ෂයකට අධික මුදලක් වැය කිරීමට සැලසුම්කර ඇතැයි වාර්තාවේ.
මීට වසර 14කට පෙර මෙම සමාගම ආරම්භ කර ඇති අතර සිය ඉතිහාසයේ අභියෝගත්මකම සමය 2020 වර්ෂය වූ බවත් සමාගමට වැඩිම ආදායම 2020 වර්ෂයේදී වාර්තා වූ බවත් එහි හිමකාරිත්ව සඳහන් කරයි.
මෙම සමාගමේ ප්‍රධාන වාණිජ්‍ය නිලධාරී පවන් අරෝරා පවසන්නේ රැකියා වෙළෙඳ පොළට වැඩිම බලපෑමක් 2020 වර්ෂයේදී එල්ල වූ බවත් එහිදී එක්වරක රැකියා සියල්ල අතරමඟ නතර වී පසුව අධික ඉල්ලුමක් නිර්මාණය වූ බවත්ය.
ඒ අනුව මෙම තත්ත්වයට සිය සමාගමේ සේවකයින් ඉතා දක්ෂ ලෙස මුහුණ දුන් බවත් ඔවුන් නිවසේ සිට මෙන්ම ආයතනයට පැමිණද ඉතා කැපවීමෙන් සේවය කිරීම හේතුවෙන් ඉහළ ලාභයක් අත්කර ගැනීමට හැකි වු බවද අරෝරා පෙන්වා දෙයි.
මෙම කරුණු සියල්ල සලකා බලමින් ඉදිරි අප්‍රේලි මාසයේදී දින හතරක කාලයක් සියලුම සේවකයින්ට මෙම සුවිශේෂි නිවාඩුව ලබා ගැනීමට අවස්ථාව හිමිවෙන බවද එම සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.