ඩොලර් හිගය හේතුවෙන් දිනකට මුදාගැනීමට හැකි වන්නේ බහලුම් 50ක පමණ ප්‍රමාණයක් බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සහ වෙළදුන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න පවසයි.
මේවනවිට හාල්, පරිප්පු, සීනි ඇතුලු
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහිත බහලුම් 1,500ක් පමණ තවමත් වරායේ සිරවී ඇති බව ද ඔහු සඳහන් කළේය.
ඒ අනුව දිනකට වරායෙන් මුදා හරින බහලුම් සංඛ්‍යාව වැඩි කිරීමට අවශ්‍ය ඩොලර් ප්‍රමාණය ලබාගැනීමට ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් ඇතුලු බලධාරීන් සමග සාකච්ඡාවක් ඉල්ලා ඇති බවත් ඔහු පවසයි.
කඩිනමින් ඩොලර් ලබාදී මෙම බහාලුම් මැදා ගැනීමට නොහැකි වුවහොත් උත්සව සමයේ අත්‍යවශ්‍ය භාණ්ඩ හිගයක් ඇති විය හැකි බවත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සහ වෙළදුන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න අවධාරණය කරයි.