තවත්
    මුල් පිටුවCOVIDඇමරිකාවේ කොරෝනා මරණ ලක්ෂ 9 පසුකරයි

    ඇමරිකාවේ කොරෝනා මරණ ලක්ෂ 9 පසුකරයි

    ඇමරිකාවේ කොරෝනා මරණ ලක්ෂ නවයක් දක්වා ඉහළ ගොස් ඇති බවට එරට සෞඛ්‍ය බලධාරීන් අනාවරණය කරනු ලබයි.

    ඒ අනුව ඉකුත් දෙසැම්බර් 12 වැනිදා සිට මේ දක්වා කාලය තුලදී පමණක් පුද්ගලයින් ලක්ෂයකට අධික පිරිසක් කොරෝනා වෛරස වැළඳීම හේතුවෙන් ඇමරිකාව තුල මරණයට පත්ව ඇත බවටද අනාවරණය වේ.

    මේවන විට ඇමරිකාව තුල සීඝ්‍රයෙන් පැතිර යන ඔමික්‍රෝන් ප්‍රභේදය ඩෙල්ටා ප්‍රභේදයට සාපක්ෂව රෝගය උත්සන්න වීම අවම මට්ටමක පැවතියද එක්වර විශාල පිරිසකට වෛරසය ආසාදනය වීම සිදුවීමත් සමඟ මේවන විට එරට රෝහල් වල ධාරීතාවයටද යම් බලපෑමක් එල්ලවී ඇති බවට වාර්තාවේ.

    මෙහිදී ඔමික්‍රෝන් ප්‍රභේදය වැළඳීමෙන් රොහල්ගත කළ බහුතරයක් එන්නත් ලබානොගත් පිරිසක් බවත් එන්නත්කරණයට ලක්වූවන්ගේ තත්ත්වය සමාන්‍ය බවත් ඇමරිකානු සෞඛ්‍ය බලධාරීන් සඳහන් කරයි.

    වාසල සේනාරත්න

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img