මෙවර මහ කන්නයට අදාළව වී අළවි මණ්ඩලය මේ වනවිට වී කිලෝග්‍රෑම් ලක්ෂ 50ක් පමණ මිලදී ගෙන ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.
වී අළවි මණ්ඩලය නාඩු වී කිලෝවක් රුපියල් 90 මිලදී ගන්නා අතර සම්බා වී කිලෝවක් රුපියල් 92 ට මිලදී ගන්නා බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
එමෙන්ම නාඩු සම්බා වී කිලෝවක් රුපියල් 95 මිලදී ගන්නා බවද අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ වැඩිදුරටත් සඳහන් කළේය.