තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ගෑස් උඳුන්වලට ප්‍රමිති සහතිකය අනිවාර්ය වෙයි

    ගෑස් උඳුන්වලට ප්‍රමිති සහතිකය අනිවාර්ය වෙයි

    මෙරට භාවිතයට ගැනෙන ගෑස් උඳුන් සඳහා ප්‍රමිති සහතිකය අනිවාර්ය කිරීම සඳහා වන කටයුතු  මේවනවිට කඩිනම් කර ඇති බව තාක්ෂණ අමාත්‍යංශය පවසයි.

    ඉදිරි සති දෙක ඇතුළත ඒ සඳහා වන නීති සකස් කිරීමට කටයුතු කරන බවද එම අමාත්‍යංශය සදහන් කරයි.

    ඉකුත් සමයේ වාර්තා වූ ගෑස් කාන්දුවීම් හේතුවෙන් සිදු වූ පිපිරීම් මෙන්ම ගිනි ගැනීමේ සිද්ධීන් සමග සිදුකළ නිරීක්ෂණවලින් අනතුරුව මෙම තීරණය ගෙන තිබේ.

    මෙලෙස පිපිරීම් සහ ගිනිගැනීමට කරුණු 11 ක් බලපා ඇති අතර ඉන් කරුණු 07 ක් සඳහා අවශ්‍ය විසඳුම් මේවනවිට ලබාදී අවසන් බවද එම අමාත්‍යංශය සඳහන් කරයි.

    ඒ ආශ්‍රිත තවත් කරුණු 03 ක් සම්බන්ධයෙන් නීති සකස් කිරීමට පියවර ගෙන තිබුණ ද එලෙස උඳුන් සඳහා ප්‍රමිතිය ආනිවාර්යය කළහොත් මෙරට ජනතාවට ගෑස් උඳුනක් මිලදී ගැනීම සඳහා අධික මුදලක් වැය කිරීමට සිදුවේ.

    එබැවින් එම තීරණය ගැනීම ප්‍රමාද කිරීමටයි තීරණය කෙරුණේ. ඒ අනුව මේවනවිට ප්‍රමිතිය සහිත ගෑස් උඳුන් මෙරටදී නිෂ්පාදනය කිරීම සඳහා සමාගම් කිහිපයක් කටයුතු කරමින් සිටින බවද තාක්ෂණ අමාත්‍යංශය වැඩිදුරටත් පවසයි.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img