පවතින අධික වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් ඉදිරියේදි පානීය ජල සැපයුම සීමා කිරීමට සිදුවිය හැකි බව, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් ජලසම්පාදන මණ්ඩලය පවසන්නේ මේ වනවිට ජල මුලාශ්‍රයන්හි ජල මට්ටම පහත බැස ඇති බවයි.
එමෙන්ම දෛනික ජල පාරිභෝජනයද, ඉතා ඉහළ මට්ටමක පවතින බව එම නිවේදනයේ සඳහන් වෙයි.
එබැවින් වාහන සේදීම, ගෙවතු වගාව වැනි අත්‍යවශ්‍ය නොවන කටයුතුවලට පානීය ජලය භාවිත නොකරන ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටී.
මේවනවිට උස් බිම්වල ජල පාරිභෝගිකයින් වෙත ජලය බෙදාහැරිම අඩු පීඩනයක් යටතේ සිදුවන බව ද, එම මණ්ඩලය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.