ඇමරිකානු විශේෂ බලකා සෙබළුන් විසින් අයිඑස්අයිඑස් සංවිධානයේ නායකයාව සිරියොවේ වයඹ දෙසින් පිහිටි ඉඩලිව් ප්‍රදේශයේදී ඝාතනය කර තිබේ.
අද පෙරවරුවේ දියත් කළ ත්‍රස්ත මර්ධන විශේෂ මෙහෙයුමකදී අයි එස් අයි එස් නායක අබු ඊබ්‍රහිම් අල් හෂ්මි අල් කුරේෂිව ඝාතනය කිරීමට හැකි වූ බව ඇමරිකා එක්සත් ජනපදය රාජ්‍ය දෙපාර්තමේන්තු තහවුරු කරයි.
ඒ අනුව ලොව වැඩියෙන්ම අවශ්‍ය කර තිබූ ත්‍රස්ථ නායකයෙකු වන අබු ඊබ්‍රහිම් අල් හෂ්මි අල් කුරේෂිව නම් කළ තිබූ අතර 2019 වර්ෂයේදී අයි එස් අයි එස්නායක අබු බකාර් අල් බග්දාදිව ඝාතනය කිරීමෙන් පසු අයි එස් අයි එස් සංවිධානයේ නායකත්වට පත්ව විය.
ඇමරිකානු රජය පවසින අන්දමට මෙම මෙහෙයුමේදී පුද්ගලයින් 13 දෙනෙකු මරණයට පත්ව ඇති අතර ඊට ළමුන් හයදෙනෙකු සහ කාන්තාවන් සිව් දෙනෙකුද ඇතුලත් බවත් වාර්තාවේ.
පෙන්ටගනයේ ප්‍රකාශක ජෝන කර්බි ප්‍රකාශ කර සිටියේ මෙහෙයුම ඉතා සාර්ථක බවත් එහිදී කිසිදු ඇමරිකානු ආරක්ෂක අංශ සාමාජිකයෙකුට හානියක් සිදුව නොමැති බවයි.
මෙහෙයුම සම්බන්ධනේ ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ ලෝකය වඩාත් යහපත් ස්ථානයක් කිරීමට මෙම මෙහෙයුම් දියත් කළ බවත්ය.