කොළඹ නගර සීමාවේ පිහිටි රාත්‍රී සමාජ ශාලා විවෘත කිරීම සම්බන්ධයෙන් මේ වනතුරුත් නිසි අනුමැතියක් ලබාදී නොමැති බව කොළඹ මහනගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි මහතා පවසයි.
අනුමැතියකින් තොරව විවෘතව පවතින රාත්‍රි සමාජ ශාලා සම්බන්ධයෙන් කටයුතු කිරීමට පොලීසියට බලය තිබෙන බවද ඔහු පැවසීය.
ඔහු සදහන් කරන්නේ රාත්‍රි සමාජ ශාලාවල සෞඛ්‍ය මාර්ගෝපදේශ ක්‍රියාත්මක කිරීමට දරන්නාවූ ප්‍රයත්නයන් ඉතාමත්ම අවම මට්ටමක පවතින බවය.
එමෙන්ම පොදු ස්ථානවලදී ජනතාව සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසිපරිදි පිලිපදින්නේද යන්න සම්බන්ධයෙන් සොයාබැලීමට පරිසර පොලීසිය සමඟ එක්ව කටයුතු කරන බවද වෛද්‍ය රුවන් විජයමුණි මහතා වැඩිදුරටත් පැවසීය.