රාජ්‍ය සේවකයන්ට ලබාදුන් රුපියල් 5000 දීමනාව පෞද්ගලික අංශයට ලබාදීමට ද වහාම මැදිහත් වන ලෙසට අන්තර් සමාගම් සේවක සංගමය ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාට ලිපියක් යොමුකරමින් ඉල්ලා සිටියි.
රටේ ජීවන වියදම ඉහළ යන විට ලබාදෙන සියලුම සහන වැඩකරන ජනතාවට ද ලැබිය යුතු බවත් රාජ්‍ය අංශයේ සේවකයාට ජීවත්වීමට අපහසුව නිසා රුපියල් 5000 ක දීමනාවක් ලබාදුන්නාක් මෙන්ම පෞද්ගලික අංශයේ සේකයාට ද එම රුපියල් 5000 ලබාදීම රජයේ වගකීමක් බවත් අන්තර් සමාගම් සේවක සංගමය ජනාධිපතිවරයා වෙත යැවූ ලිපියේ සඳහන් වේ.
රටේ නිෂ්පාදන ක්‍රියාවලියෙන් සියයට 80 කට පමණ සෘජු දායකත්වය සපයන සහ ශ්‍රම බලකායෙන් සියයට 80 ක් නියෝජනය කරන පෞද්ගලික අංශයේ සේකයන්ගෙන් සියයට 60 ක් පමණ රුපියල් 25,000 කට වඩා අඩු වැටුප් ලබන බැවින් රුපියල් 5000 දීමනාව ලබාදීමෙන් පෞද්ගලික අංශයේ සේවකයන් තුළ ඇතිව තිබෙන නොසන්සුන්කාරී තත්ත්වය සමනය කළ හැකි බව ද අදාළ ලිපියේ වැඩිදුරටත් සඳහන් කර ඇත.