තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඇමරිකාවේ දියවැඩියා මරණ ඉහළට

    ඇමරිකාවේ දියවැඩියා මරණ ඉහළට

    ගතවූ වසර තුලදී පමණක් ඇමරිකා එක්සත් ජනපදය තුල පුද්ගලයින් ලක්ෂයකට අධික පිරිසක් දියවැඩියාව හේතුවෙන් මරණයට පත්ව ඇති බව නවතම වාර්තාවකින් අනාවරණය වේ.

    අදාල වාර්තාවට අනුව 2020 සහ 2021 වසර දෙක තුලදීම ඇමරිකානුවන් ලක්ෂයකට අධික පිරිසක් දියවැඩියාව හේතුවෙන් මරණයට පත් තිබීම විශේෂත්වයකි.

    ඒ අනුව 2019 වර්ෂයේදී හත්වැනියට ඇමරිකානුවන්ගේ මරණයට හේතුවී ඇත්තේ දියවැඩියාව වන අතර 2020 වර්ෂයේදී දියවැඩියාවෙන් මරණයට පත්වූවන්ගේ සංඛ්‍යාව සියයට 17කින්ද 2021 වර්ෂයේදී එම සංඛ්‍යාව සියයට 15කින් ඉහළ ගොස් ඇති බවට ඇමරිකානු සෞඛ්‍ය දත්ත පෙන්වා දෙයි.

    මෙම වාර්තාව පදනම් කරගනිමින් සෞඛ්‍ය විශේසඥයින් විසින් ඇමරිකාවේ කොංග්‍රස් මණ්ඩලය ඉල්ලා ඇත්තේ දියවැඩියාව පාලනය කිරීමට විදිමත් සැලසුමක් ක්‍රියාත්මක කරණ ලෙසටයි.

    එහිදී අදාල වාර්තාව මගින් පෙන්වා දී ඇත්තේ ඇමරිකානු ජගහනයෙන් සියයට 11ක් එනම් තුන් කෝටි හැත්තෑ ලක්ෂය් පමණ දියවැඩියාවෙන් පෙළෙන බවත් සෑම ඇමරිකානුවන් තුන් දෙනෙකුගෙන් එක් අයෙකු දියවැඩියාවෙන් පෙළෙන බවත්ය.

    ඒ අනුව මෙම තත්ත්වය හමුවේ දියවැඩියාව ඇමරිකාවට බලපාන සෞඛ්‍ය ගැටලුවකට ඔබ්බෙන් වූ සමාජ ගැටලුවක් දක්වා වර්ධනය වී ඇති බවද එම වාර්තාව මගින් පෙන්වා දී ඇත.

    වාසල සේනාරත්න

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img