විශ්‍රාමික දුම්රිය නියාමකවරුන් කොන්ත්‍රාත් පදනම මත නැවත සේවයට කැඳවීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
දුම්රිය නියාමකවරුන්ගේ හිඟය හේතුවෙන් මෙම තීරණය ගත් බවදුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මෙයට අදාළ කැබිනට් පත්‍රිකාව ප්‍රවාහන අමාත්‍යංශය විසින් මේ වනවිට කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබෙන බවද දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
දුම්රිය නියාමකවරුන්ගේ හිඟය හේතුවෙන් පසුගිය දිනවලදී දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු කිරීමට ද සිදුව තිබේ.
නියාමකවරුන්ගේ හිඟය හේතුවෙන් පසුගිය සිකුරාදා දුම්රිය ගමන්වාර 21අවලංගු කිරීමට සිදුවූ බව දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.
මේ අතර දුම්රිය නියාමකවරුන් කිහිප දෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනය වීම නිසා මාර්ග කිහිපයක දුම්රිය ගමන් වාර 14ක් අවලංගු කර ඇත.
ඒ අනුව ප්‍රධාන මාර්ගයේ දුම්රිය 06 ක් , මුහුදු බඩ මාර්ගයේ සහ කැලණිවැලි මාර්ගයේ දුම්රිය 04 ක්, පුත්තලම මාර්ගයේ දුම්රිය 03 ක් සහ උතුරු මාර්ගයේ කුරුණෑගල දක්වා ධාවනය වන දුම්රිය ද අවලංගු කල බව එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්විණ.