පාකිස්තානයෙන් මෙරටට ලබාදීමට නියමිත ඇමරිකානු ඩොලර් මිලියන 200ක ණය පහසුකම පිළිබඳව හෙට (31) දිනයේදී අමාත්‍ය මණ්ඩලය දැනුවත් කරන බව මුදල් අමාත්‍යංශය පවසයි.
වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පසුගියදා පාකිස්තානයේ සංචාරයක නිරතවූ අතර, එහිදී අදාළ ණයමුදල ලබාගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබේ.
එම ණය මුදලින් මෙරටට අවශ්‍ය සහල්, සිමෙන්ති සහ ඖෂධ ආනයනය සඳහා යොදාගැනීමට නියමිත බවද වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
අදාළ ආනයනයන් ශ්‍රී ලංකා වාණිජ නීතිගත සංස්ථාව මගින් සිදු කිරීමට නියමිත බවද ඔහු සඳහන් කළේය.