Home උණුසුම් පුවත් අලුතින් කරන්න හදන පොල්තෙල් ජාවාරමක් ‍ගැන හෙළිදරව්වක්

අලුතින් කරන්න හදන පොල්තෙල් ජාවාරමක් ‍ගැන හෙළිදරව්වක්

අලුතින් කරන්න හදන පොල්තෙල් ජාවාරමක් ‍ගැන හෙළිදරව්වක්

පොල්තෙල්වලට පාම් තෙල් එකතු එකතු කිරීමේ ජාවාරමක් ක්‍රියාත්මක කිරීමට සූදානමක් ඇතැයි පිටකොටුව පොල්තෙල් ආනයනකරුවෝ සඳහන් කරති.

පාම් තෙල්වල ආනයනික බද්ද අඩු කර ඒවා මෙරටට ගෙන්වා පොල්තෙල්වලට කවලම් කර අධික ලාභ ලැබීමට උත්සව සමයේ දී ඇතැම් ව්‍යාපාරිකයින්ගේ සූදානමක් ඇතැයි ද පොල් තෙල් ආනයනකරුවෝ සදහන් කරති.

ඉකුත් කාලයේ තත්ත්වයෙන් බාල පොල්තෙල් පිළිබඳ ප්‍රශ්නයක් මතු වූ හෙයින් ජනාධිපතිවරයා මැදිහත්ව පාම් තෙල්වල ආනයනික බදු ඉහළ දැමූ බවද නැවත එම බද්ද පොල්තෙල්වලට වඩා අඩුකර ගැනීමේ සූදානමක් පවතින බවද ආනයනකරුවෝ සඳහන් කරති.

පාම් තෙල් කිලෝවකට රුපියල් 225ක ආනයන බද්දක් ද පොල්තෙල් කිලෝවකට රුපියල් 125 ක ආනයන බද්දක් ද මේ වන විට පනවා ඇත.

පොල් තෙල්වලට වඩා පාම් තෙල්වල බදු ප්‍රමාණය අඩු කළ හොත් අනිවාර්යෙන්ම පාම් තෙල්වලට පොල් තෙල් කවලම් කර විකුණා දැමීමක් සිදු වනු ඇති බවද පොල්තෙල් ආනයනයකරුවෝ කියති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here