Home උණුසුම් පුවත් ඇමරිකානු ජනපති එන්න ඔන්න මෙන්න තිබියදී පාලම කඩාවැටෙයි (🎥)

ඇමරිකානු ජනපති එන්න ඔන්න මෙන්න තිබියදී පාලම කඩාවැටෙයි (🎥)

0
ඇමරිකානු ජනපති එන්න ඔන්න මෙන්න තිබියදී පාලම කඩාවැටෙයි (🎥)

ඇමරිකාවේ පිට්ස්බර්ග් හී පාලමක් ජනාධිපති ජෝ බයිඩන් පැමිණීමට පැය කිහිපයකට පෙර කඩා වැටී තිබේ.

අධික හිමෙන් වැසී තිබුණු අදාල පාලම ජනාධිපති ජෝ බයිඩන් පිට්ස්බර්ග් හී යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම පිළිබඳ සංචාරයක නි‍රත වීමට පැය කිහිපයකට පෙර කඩා වැටීමද විශේෂත්වයකි.

පාලම කඩා වැටෙන අවස්ථාවේ පාලම මතින් රථ වාහන කිහිපයක් ගමන් කර ඇති අතර එම වාහන සමගම පාලම කඩා වැටී තිබේ.

සිද්ධියෙන් ජීවිත හානි කිසිවක් සිදුව නොමැති අතර සුළු තුවාල ලැබූවන් 10 දෙනෙකු රෝහල් ගත කළ බව පිට්ස්බර්ග් හී නගරාධිපති මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත.

පාලම කඩා වැටීමත් සමඟ පාලම අසලින් එලා තිබූ ගෑස් නල පද්ධතියකටද හානි සිදුවීම හේතුවෙන් ගෑස් කාන්දුවීමක්ද වාර්තා වන බව ඇමරිකානු මාධ්‍ය සඳහන් කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් පිට්ස්බර්ග් පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here