Home උණුසුම් පුවත් ඇමරිකාවේ හොඳම ප්‍රහාර යානයක් කඩාවැටෙයි

ඇමරිකාවේ හොඳම ප්‍රහාර යානයක් කඩාවැටෙයි

0
ඇමරිකාවේ හොඳම ප්‍රහාර යානයක් කඩාවැටෙයි

ලොව නවීනතම තාක්ෂණයෙන් යුත් ප්‍රහාරක ගුවන් යානයක් වන ඇමරිකානු නාවික හුමුදාවට අයත් එෆ් 35 වර්ගයේ ගුවන්‍ යනායක් ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහක නෞකාවක් මතට කඩා වැටී තිබේ.

මෙම ගුවන් යානය දකුණු චීන මුහුදේ යාත්‍රා කරමින් තිබූ ඇමරිකානු නාවික හමුදාවට අයත් යූඑස් එස් කාල් වින්සන් ගුවන් යානා ප්‍රවාහක නෞකාවක මත කඩා වැටී ඇති අතර එහිදී නාවිකයන් හය දෙනෙකු තුවාල ලබා ඇත.

කඩා වැටුනු ගුවන් යානය අනතුර සිදුවන අවස්ථාවේදී නිතිපතා සිදුකරන ගුවන් මෙහෙයුමක නිරතව සිට ඇති අතර  අනතුර සිදුවනවාත් සමඟ නියමුවා යානයෙන් ඉවත්වීමට සමත්ව තිබේ.

මෙලෙස යානයෙන් ඉවත් වූ නියමුවා පැරෂුටයක් ආධාරයෙන් ආරක්ෂිතව මුහුදට පතිත වී ඇති අතර පසුව නාවික හමුදා හෙලිකොප්ටර්යක් ආධාරයෙන් ඔහුව මුදාගැනීමට සමත්ව ඇත.

අදාල යානය කඩා වැටීමේන් අනතුර පත් නාවිකයි හයදෙනාගෙන් තුන් දෙනෙකු පිලිපීනයේ මැනිලා නුවර ප්‍රතිකාර මධ්‍යස්ථානයට යොමුකර ඇති අතර අනෙක් තිදෙනාට නෞකාවේදීම් ප්‍රතිකාර ලබාදී තිබේ.

අනතුරට හේතුව පිළිබඳ ඇමරිකානු නාවික හමුදාව මේවන තෙක් නිල ප්‍රකාශයක් නිකුත්කර නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ක්‍රියාත්මක වේ.

එෆ්35 ගුවන් යානා ලොව නවීනතම තාක්ෂණයෙන් නිමවී ඇති අතර රේඩාර් පද්ධති මගහැර සතුරු ඉලක්ක වෙත ප්‍රහාර එල්ලකිරීමේ හැකියාව පවතී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here