මුල් පිටුව උණුසුම් පුවත් කදුරුගස්ආර සිරකරුවකු මියයාමේ සිද්ධිය නිසා ජේලර්ලා තිදෙනකුට වූ දේ

කදුරුගස්ආර සිරකරුවකු මියයාමේ සිද්ධිය නිසා ජේලර්ලා තිදෙනකුට වූ දේ

0

කදුරුගස්ආර එළිමහන් සිරකඳවුරේ සිරකරුවෙකු මියයාමේ සිද්ධියට අදාළව වහාම ක්‍රියාත්මක වන පරිදි ජේලර්වරුන් තිදෙනෙකුගේ වැඩ තහනම් කර තිබේ.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක සඳහන් කළේ කඳවුර භාර ජේලර්වරයා, සැරයන් ජේලර්වරයා සහ නියාමක ජේලර්වරයාගේ වැඩ මෙලෙස තහනම් කර ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බව ද බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක පවසයි.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version