Home COVID නවසීලන්ත අගමැතිනිය සිය විවාහ මංගලෝත්සවය අවලංගු කරයි

නවසීලන්ත අගමැතිනිය සිය විවාහ මංගලෝත්සවය අවලංගු කරයි

0
නවසීලන්ත අගමැතිනිය සිය විවාහ මංගලෝත්සවය අවලංගු කරයි

නවසීලන්ත අගමැතිනිය වන ජසින්ඩා ආඩෙන් සිය විවාහ මංගලොත්සවය අවලංගු කිරීමට තීරණය කර තිබේ.

මේවන විට නවසීලන්තය පුරා ඔමික්‍රෝන් ප්‍රභේදය පැතිරයාමේ අවදානමක් මතුවීම හේතුවෙන් අග්‍රමාත්‍යවරිය සිය විවාහය අවලංගු කිරීමට පියවරගෙන ඇත.

ඒ අනුව පවතින තත්ත්වය හමුවේ නවසීලන්ත රජය විසින් එරට වැසියන් හට මුඛ ආවරණ පැළදීමට උපදෙස් දී ඇති අතර මහජනයා ඒකාරාශී වීම් අවම කිරීමටත් පියවරගෙන තිබේ.

නව කොරෝනා මර්ධණ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව අවන්හල්, උත්සව ශාලා සහ විවාහ මංගලෝත්සව වලට එක්වර පුද්ගලයින් 100කට පමණක් සහභාගීවිමට අවස්ථාව හිමවේ. කෙසේ වෙතත් එන්නත්කරණය නොකළ පිරිස් සිටින්නේ නම් එම සංඛ්‍යාව 25 දෙනෙකුට පමණක් සීමා කිරීමටත් නවසීලන්ත රජය පියවරගෙන ඇත.

නවසීලන්තයට මෙලෙස නව සෞඛ්‍ය මාර්ගෝපදේශ පැනවීමට සිදුව ඇත්තේ මෙම මස මුලදී විවාහ මංගලෝත්සවයකට සහභාගීවූ එකම පවුලේ නව දෙනෙකුට ඔමික්‍රොන් ප්‍රභේදය ආසාදනය වීමත් සමඟයි.

නවසීලන්ත අග්‍රමාත්‍යවරිය මෙහිදී මධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශකර ඇත්තේ “මගේ විවාහය සැලසුම් කළ විදිහට පැවැත්වෙන්නේ නැහැ.” යනුවෙනි. එහිදී ඇය තමන් මෙන්ම අපහසුතාවයට පත්වූවන්ගෙන් සමාවද අයැද තිබේ.

සිය විවාහ අවලංගු කිරීමට පිළිබඳ අග්‍රමාත්‍යවරියට කුමන අයුරකින් දැනේනේදැයි මාධ්‍යවේදින් විමසා සිටි අවස්ථාවේදී ඇය ප්‍රකාශ කර ඇත්තේ “ජීවිතය එහෙම තමයි” යනුවෙනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here