මුල් පිටුව උණුසුම් පුවත් අඟහරුවාදා සිට විදුලි කප්පාදුවක්

අඟහරුවාදා සිට විදුලි කප්පාදුවක්

0

අඟහරුවාදා සිට විදුලිය කප්පාදු කිරීමකට යා හැකි බව ලංකා විදුලිබල බලමණ්ඩලය පවසයි.

එය තීරණය වන්නේ අද සහ හෙට දැවිතෙල් ලැබීම මත බව ලංකා විදුලිබල මණ්ඩලයේ වැඩබලන සාමාන්‍යාධිකාරි ආචාර්ය සුසන්ත පෙරේරා මහතා කියාසිටී.

ලංකා විදුලිබල මණ්ඩලයේ දී විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු මේ බව කීය.

කෙසේ වෙතත් අද සහ හෙට දින විදුලිය කැපීමක් සිදු නොවන බව ද ඔහු පැවසීය.

දැවිතෙල් නොලැබීමත් සමඟ අඟහරුවාදා සිට අවදානම් තත්ත්වයක පවතින බවත් යම් ආකාරයකින් අඟහරුවාදා සිට විදුලිය කපන්නේ නම් ඒ පිළිබඳව ජනතාව කලින් දැනුවත් කරන බවත් මෙහිදී කියා සිටියේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වැඩබලන සාමාන්‍ය අධිකාරි සුසන්ත පෙරේරා මහතා මෙසේ ද කීය.

“කැලණිතිස්ස තව ඩීසල් තියෙන්නේ දින පහ මාරකට පමණයි. සපුගස්කන්ද අද දහවල් 12ට අවසන් වුණා .දැනට එහි ධාරිතාවයක් නැහැ. අද සහ හෙට විදුලිය කැපීමක් නැහැ සදුදා දින දී ධාරිතාවය අඩු වෙනවා. සදුදාට දැඩි තෙල් ලැබුනොත් මේ ගැටලුව වෙන්නෙ නැහැ. උපරිම ඉල්ලීමේදී අඟහරුවාදාට දැවිතෙල් නැතිඋනොත් ගැටළු සිදුවෙනවා. කලින් කියලා ජනතාව දැනුවත් කරනවා. උපරිම ඉල්ලුම තියෙන රාත්‍රී කාලයේ හිඟයක් ඇති උනාම විදුලිය කපන සිදුවෙනවා දැනුම් දීලයි කරන්නේ. අඟහරුවාදා සිට නොලැබුණොත් දැවි තෙල් හිඟය නිසා විදුලිය කප්පාදුවක් කරන්න වෙනවා . විදුලිය කපන්නේ ජනතාව දැනුවත් කරලා හදිසියේ කපන්නේ නැහැ. ජල විදුලි බලාගාර ආශ්‍රිතවත් උපරිම මට්ටමට ඇවිල්ලා තියෙන්නෙ. විදුලිය කපන්න කලින් මහජන උපයෝගිතා කොමිසමේ උපදෙස් ලබා ගන්නවා. අඟහරුවාදා සිට විදුලි කප්පාදුවකට යන්න වෙයි. ඉල්ලුම අඩු කරන්න විදුලිය පරිස්සමෙන් පාවිච්චි කරන්න වෙනවා.”

මේ වනවිට වැඩබලන සාමාන්‍යධිකාරීවරයාට එරෙහිව ඇති වෘත්තිය ක්‍රියාමාර්ග පිළිබඳව ද මාධ්‍යවේදීන් පමෙහිදී විමසා තිබේ.

ජනතාව පීඩාවට පත්වී ඇති අවස්ථාවක දී මෙවැනි වෘත්තිය ක්‍රියාමාර්ග ගැනීම සුදුසු නොවන තත්ත්වයක් බව පැහැදිළි කළේය.

“මගේ පත්වීම තාවකාලික පත්වීමක් එය උසාවි නියෝගයකින් දීලා තියෙන්නේ. ආයතනය අර්බුදකාරී අවස්ථාවලදී පවත්වාගෙන යන්න අවශ්‍ය නිසයි මාව පත් කරලා උසාවි නියෝග දීලා තියෙන්නේ. අධ්‍යක්ෂ මණ්ඩලයට මාව වෙනස් කරන්න අවශ්‍ය නම් පුළුවන්.”

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version