Home උණුසුම් පුවත් ජර්මන් යන්න ඉන්න අයට සුබ ආරංචියක්

ජර්මන් යන්න ඉන්න අයට සුබ ආරංචියක්

0
ජර්මන් යන්න ඉන්න අයට සුබ ආරංචියක්

ජර්මන් රජය විසින් ඉදිරියේදී වසරකට විදේස් ශ්‍රමිකයින් ලක්ෂ හතකට අධික පිරිසක් සිය රටට ගෙන්වා ගැනීමට සැලසුම්කර තිබේ.

ඒ අනුව මේවන විට ජර්මනිය මුහුණ දී ඇති දරුණු ශ්‍රම බලකා හිඟය සපුරා ගැනීමට සුදුසකම් සහිත තරුණ පිරිස සිය රටට ගෙන්වා ගැනීමට බලාපොරොත්තු වන බව එරට සන්ධානගත ආණ්ඩුවේ සාමජික නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක ක්‍රිස්ටියන් ලින්ඩ්නර් පවසා ඇත.

සුදුසුකම් සහිත ශ්‍රමිකයින් නොමැතිවීම මේවන විට ජර්මන් ආර්ථික මුහුණ දෙන විශාල අභියෝගයක් බවත් ශ්‍රමිකයින් හිඟවීම ආර්ථික වර්ධන වේගය අඩාල කිරීමටද හේතුවී ඇති බව ඩුඑර් පෙන්වා දී ඇත.

“අපිට ජර්මනියේ වයස්ගත ජනගහයන වැඩිවීම මගින් ශ්‍රම බලකායට ඇතිවන බලපෑම නැවැත්විය හැක්කේ සංක්‍රමණ නීති පාලනය කිරීම මගින් පමණයි. ඒ අනුව අපිට මේවනවිටත් අවම වශයෙන් පුහුණු සුදුසුකම් සහිත ශ්‍රමිකයින් ලක්ෂ හතක් අත්‍යාවශ්‍යව තිබෙනවා.” යනුවෙන් ඩුඑර් ප්‍රකාශ කර තිබේ.

දශක ගණනාවක පටන් ජර්මනියේ උපත් අනුපාතය පහළ අගයක් ගැනීමත් හේතුවෙන් එරට ශ්‍රම බලකාය පසුගිය කාලය පුරා සීඝ්‍රයෙන් පහළ බැසීමක් පෙන්නුම් කළ අතර මේවන විට විශ්‍රාමිකයින් සංඛ්‍යාව වැඩිවීමත් සමඟ එරට ආර්ථිකයට විශාල අභියෝගයකට මුහුණ දීමට සිදුව ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here