වාහන ආනයනය සදහා පනවා ඇති සීමා ලිහිල් කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුකර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.
මේ වසර අවසාන භාගයේදී කරුණු සලකා බැලීමෙන් අනතුරුව නිශ්චිත තීරණයකට එළඹෙන බව රාජ්‍ය අමාත්‍යවරයා කියාසිටියේය.
“වාහන නැවතවරක් ආනයනය කිරීමට පහසුකම් ලබාදීමට තවදුරටත් මේ අවස්ථාවේ දී සිදුකිරීම අපහසු වෙයි. මේ අවුරුද්දේ අන්තිමට වගේ අපි සියලුම තත්ත්වයන් ලෙස බලලා අපිට තීරණයක් ගන්න පුළුවන් වෙයි ඉදිරියට අපිට ඒක ලිහිල් කරන්න පුළුවන් වෙනවා ද ? නැත්නම් තවදුරටත් කරන්න සිදුවෙනවා ද ? කියලා.
මම හිතන්නේ ඉදිරි කාලය තුළ දී ඒ තීරණයට අපිට එන්න පුළුවන් වෙයි. එතකල් ඒ තහනම දැනට ක්‍රියාත්මක වෙනවා.
තවම අපේ විදේශීය අංශය අපි හිතුව තැනට ඇවිල්ලා නෑ. සංචාරක කේෂ්ත්‍රය විශේෂයෙන්ම තවමත් අභියෝග රැසකට මුහුණදෙන්න සිද්දවෙලා තියෙනවා. තවමත් ලෝකයේ සංචාරක කේෂ්ත්‍රය යථාතත්ත්වයට පත්වෙලා නැහැ. ඒ දුර්වලතාවය තියෙන නිසා අපිට රට ඉක්මනින් ඇරලා සංචාරකයින් එන විදියට කටයුතු කරන්න අපෝසත් වෙලා තියෙනවා. ඒ වුණත් බොහෝ දේවල් දැනටමත් කරගෙන යනවා.“