තවත්
    මුල් පිටුවCOVIDඔමික්‍රෝන් පරදන්න ඇමරිකානුවන්ට නොමිලේ මාස්ක්

    ඔමික්‍රෝන් පරදන්න ඇමරිකානුවන්ට නොමිලේ මාස්ක්

    ඇමරිකානු එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් විසින් එරට වැසියන් හට නොමිලේ මුඛ ආවරණ ලබාදීමට තීරණය කර ඇත.

    මේවන විට එක්සත් ජනපදයට දරුණු ලෙස බලපා ඇති ඔමික්‍රෝන් ප්‍රභේදය පැතිරීම පාලනය කිරීමේ අරමුණින් ජනාධිපති බයිඩන් මෙම තීරණය ගෙන තිබේ.

    ඒ අනුව ඉදිරි සතියේදී මුඛ ආවරණ නොමිලේ ජනතාවට ලබාදීම පිළිබඳ එළැඹෙන සතියේදී නිවේදනය කරන බවද ඔහු ප්‍රකාශ කර ඇත.

    ” මම දන්නවා අපි හැමෝම මුඛ ආවරණ පැළදීම ඉක්මණින්ම අවසන් වෙතැයි බලාපොරොත්තුවෙනුයි ඉන්නෙ. ඒත් මේ අවස්ථාවේදී වෛරස පැතිරයාම වැලැක්වීමේ හොඳම උපකරණය වෙන්නෙ මුඛ ආවරණයි. ඒ වගේම හැම වෙලාවේම මුඛ ආවරණයක් මිලදී ගැනීම ඇතැම් ඇමරිකානුවන්ට පහසු කාරණයක් නොවෙන්න පුළුවන්”යනුවෙන්ද බයිඩන් ජනාධිපතිවරයා පවසා ඇති අතර ගුණාත්මක මුඛ ආවරණයක් වැදගත්කමද ඔහු එහිදී පෙන්වාදී තිබේ.

    මේ අතර රෝගීන් විශාල වශයෙන් වාර්තා වන රෝහල් වලට සහය වීමට ඇමරිකානු ආරක්ෂක අංශ වල වෛද්‍ය කණ්ඩායම්ද යොමු කිරීමට පියවර ගන්නා බවද බයිඩන් ජනාධිපතිවරයා ප්‍රකාශකර ඇත.

    කොරෝනා වෛරසයෙන් වැඩිම බලපෑමක් ඇමරිකාවට එල්ලවී ඇති අතර මෙම සතියේ සඳුදා දිනයේදී පමණක් නව ආසාදිතයින් ලක්ෂ දහයකට අධික සංඛ්‍යාවක් ඇමරිකාවෙන් වාර්තා විය.

    වාසල සේනාරත්න

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img