Home උණුසුම් පුවත් වගා හානි වූ ගොවීන්ට මේ මාසේ වන්දි

වගා හානි වූ ගොවීන්ට මේ මාසේ වන්දි

වගා හානි වූ ගොවීන්ට මේ මාසේ වන්දි

මහකන්නයේ වගා හානි වූ ගොවීන්ට මේ මස අවසන්වීමට පෙර වන්දි දෙන බව කෘෂිකර්ම හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සඳහන් කරයි.

එහි සභාපති නීතිඥ ප්‍රේමචන්ද්‍ර ඈපා මහතා සඳහන් කළේ, ගොවීන් 150,000කට වන්දි හිමිවන බව ය.

ඒ සඳහා වෙන්කර ඇති මුදල රුපියල් මිලියන 1,500ක් බව හෙතම පැවසීය.

ඒ අනුව අක්කරයකට රුපියල් 40,000ක වන්දියක් හිමිවේ.

වී, අල, මිරිස්, ලොකු ලූණු වගාවන් සඳහා මෙම වන්දි ලබාදීමට නියමිතය ප්‍රේමචන්ද්‍ර ඈපා මහතා සඳහන් කළේය.

මුදල් ගෙවා රක්ෂණය කර ඇති වගාවන් සඳහා ද මෙම වන්දි ලබාදෙන බවද ඔහු පැවසීය.

වගාබිම් සඳහා වූ වන්දි මුදල් ගොවීන්ගේ බැංකු ගිණුම් වලට යොමු කරනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here