මුල් පිටුව උණුසුම් පුවත් සියලු පළාත් පාලන ආයතන එන්නත්කරණ මධ්‍යස්ථාන කෙරේ

සියලු පළාත් පාලන ආයතන එන්නත්කරණ මධ්‍යස්ථාන කෙරේ

0
vaccine jaffna

මෙරට සියලු පළාත් පාලන ආයතන එන්නත්කරණ මධ්‍යස්ථාන බවට පත්කොට බූස්ටර් එන්නත ලබාදීම වේගවත් කිරීමට කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

අමාත්‍යවරයා සඳහන් කරන්නේ බූස්ටර් එන්නත් ලබාදීම තවත් කඩිනම් කිරීම සඳහා සෑම කොට්ඨාශයකටම එන්නත් මධ්‍යස්ථාන කිහිපයක් එක් කරන ලෙස ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්ට සහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්ට උපදෙස් ලබා දී ඇති බවය.

මෙමගින් ඉදිරි සති කිහිපය තුළ බූස්ටර් එන්නත ඉලක්කගත ජනගහනයට ලබා දීමට හැකිවනු ඇතැයි අමාත්‍යවරයා විශ්වාසය පළ කරයි.

ගනේශ් වීදියබණ්ඩාර

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version