මුල් පිටුව දේශීය පුවත් තිඹුරිගොල්ල රක්ෂිතයේ නිධන් හාරයි

තිඹුරිගොල්ල රක්ෂිතයේ නිධන් හාරයි

0
file photo

තිරික්කෝවිල් තිඹිරිගොල්ල රක්ෂිතයේ කංචිකුඩිච්චිආරු කොටසේ පුරා වස්තු ලබා ගැනීමේ අරමුණින් කැණීමක් කරමින් සිටි සිව් දෙනෙක් විශේෂ කාර්ය බලකායේ සාගම කදවුරේ නිලධාරීන් විසින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ.

කිලෝ මීටර් 12 ක් පමණ රක්ෂිත ඇතුලේ කළ මෙම කැනීමට ස්‍කැවේටර් යන්ත්‍රයක් පවා යොදා ගෙන ඇති බව විශේෂ කාර්ය බලකාය සඳහන් කරයි.

මාසයක පමණ කාලයක් තිස්සේ මෙම කැනීම කර ඇති බවත් ගල්වෙඩි පවා දමමින් මොවුන් කළු ගලක් බිද හෑරීමක් කර තිබෙන බවත් විශේෂ කාර්ය බලකාය පවසයි.

එම කැනීම කර ඇති කළු ගලේ පඩිපෙලක සලකුණු මෙන්ම පෞරාණික අක්ෂරද ඇති බව විමර්ශන වලින් පෙනී ගොස් තිබේ.

අත්අඩංගුවටගත් සැකකරුවන් වයස අවුරුදු 57,37,52,59 වයස්වල පසුවන්නන් වන අතර ඔවුන් අක්කරපත්තුව, වඩිනාගල හා අම්පාර ප්‍රදේශවල පදිංචිකරුවන්ය.

මෙම කැණීම කර ඇත්තේ පුද පූජා පවත්වාය. මෙහි නිධානයක් ඇතැයි කැණිම කරන පුද්ගලයින් විශ්වාස කරයි. විමර්ශන වලින් පෙනී ගොස් ඇත්තේ යම් බලවතුන් පිරිසක් ඔවුන්ට වඩා ඉහළින් සිටින බවය. ඒ සම්බන්ධයෙන් සාගම විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් සහ තිරුක්කෝවිල් පොලීසිය එක්ව පවත්වයි.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version