Home උණුසුම් පුවත් තලේබාන් නියෝගයෙන් ඇෆ්ගන් වෙළෙඳසැල්වල හිස ගසා දැමීමක්

තලේබාන් නියෝගයෙන් ඇෆ්ගන් වෙළෙඳසැල්වල හිස ගසා දැමීමක්

0
තලේබාන් නියෝගයෙන් ඇෆ්ගන් වෙළෙඳසැල්වල හිස ගසා දැමීමක්

තලේබාන් සංවිධානය විසින් බටහිර  ඇෆ්ගනිස්තානයේ වෙළෙඳසැල්වල තබා ඇති මිනිස් අනුරූවල හිස ඉවත්කරන ලෙසට නියෝගකර තිබේ.

ඉස්ලාමීය නීතියට අනුකූලව මෙලෙස අනුරූ වල හිස ඉවත් කරණ ලෙසට නියෝගකර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව වෙළෙඳසැල් වල හිමිකරුවන් විසින් සිය වෙළෙඳසැලේ ඇති මිනිස් අනුරූවල හිස කපා ඉවත්කරන අයුරුද විදෙස් මාධ්‍ය විසින් වාර්තා කර තිබේ

සධාචාරය ප්‍රවර්ධන සහ දුරාචාර වැලැක්වීම පිළිබඳ අමාත්‍ය අසිස් රාමන් විසින් පවසා ඇත්තෙ ශරියා නීතිය අනුව අදාල අනුරූ වල හිස්වල කපා ඉවත්කිරීමට නියෝග කළ බවයි.

ඉකුත් වසරේ තලේබාන්දරුන් ඇෆ්ගන් පාලනය ලබා ගැනීමත් සමඟ ශරියා නීතිය යලි ක්‍රියාත්මක කිරීම ආරම්භ කළ අතර එහිදි කාන්තාවන්ට සහ ගැහැනු ළමුන්ට දැඩි සීමා පැනවීම සිදුවිය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here