තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්5000 දීමනාව පෞද්ගලික අංශයටත්

    5000 දීමනාව පෞද්ගලික අංශයටත්

    රාජ්‍ය සේවකයින්ට ලබාදුන් රුපියල් පන්දහසේ දීමනාව පෞද්ගලික අංශයේ සේවකයින්ටද ලබාදීම සම්බන්ධයෙන් පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති සමඟ අනිද්දා (8) සාකච්ඡා කරන බව කම්කරු කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්තී මහතා පවසයි.

    මෙම පන්දහසක දීමනාව පෞද්ගලික අංශයේ සේවකයින්ටද අනිවාර්යෙන්ම ලබාදිය යුතු බව වෘත්තීය සමිතිවල අදහස වී ඇතැයිද ඔහු සදහන් කළේය.

    වත්මන් ජීවන අර්බුදය රාජ්‍ය සේවකයින්ට මෙන්ම පෞද්ගලික අංශයේ සේවකයින්ටද එක සේ බලපා ඇති බව වෘත්තීය සමිති විසින් පෙන්වා දී තිබේ.

    ඒ අනුව ඇඟළුම්, වතු, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සහ සාප්පු මෙන්ම කාර්යාල සේවක පනතින් ආවරණය වන ආයතන ඇතුළු පෞද්ගලික අංශයේ සෑම අංශයක්ම නියෝජනය වන පරිදි මෙම දීමනාව ලබාදිය යුතු බවට පෞද්ගලික අංශ⁣යේ වෘත්තීය සමිති යෝජනා ඉදිරිපත් කර ඇතැයිද කම්කරු කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්තී මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img