තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්නව දිල්ලියට ඇදිරි නීතිය

    නව දිල්ලියට ඇදිරි නීතිය

    ඉන්දියාවට මේවන විට බලපා ඇති තෙවන කොරෝනා රැල්ල හේතුවෙන් නව දිල්ලියට ඇඳිරි නීතිය පැනවීමට තීරණය කර තිබේ.

    ඒ අනුව එළැඹෙන සිකුරාදා රාත්‍රී 10 සිට සඳුදා උදෑසන 5 දක්වා නව දිල්ලියට ඇඳිරි නීතිය පැනවීමට නියමිත.

    මීට අමතරව මේතෙක් ක්‍රියාත්මක වූ රාත්‍රී කාලය පැනවූ ඇඳිරි නීතිය ඉදිරියටත් ක්‍රියාත්මක බවද නව දිල්ලි බලධාරීන් පවසයි.

    මේ අතර, ගතවූ දිනයේ පමණක් ඉන්දියාවෙන් නව ආසාදිතයින් තිස් හත් දහසකට අධික සංඛ්‍යාවක් හදුනාගෙන ඇත.

    මේවන විට ඉන්දියාව පුරා හමුවන ආසාදිතයින්ගෙන් බහුතරයක් ඔමික්‍රෝන් ආසාදිතයින් බවද ඉන්දීය සෞඛ්‍ය බලධාරීන් පවසයි.

    ඉන්දියාවේ කොරෝනා මර්ධන එන්නත්කරන වැඩසටහන් ප්‍රධානියා වන වෛද්‍ය එන්.කේ. අරෝරා පවසා ඇත්තෙ තෙවන රැල්ලට ප්‍රධානටම හේතුව නව ඔමික්‍රෝන් ප්‍රභේදය බවයි.

    මේ අතර නව දිල්ලියේ සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තෙ නව ආසාදිතයින්ගෙන් සියයට අසූ එකක්ම ඔමික්‍රෝන් ආසාදිතයින් බවයි.

    වාසල සේනාරත්න

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img