Home උණුසුම් පුවත් විශ්‍රාමිකයින් ඇතුළුව ජනවාරියේ සිට 5000 දීමනාව හම්බ වෙන තවත් අය මෙන්න..

විශ්‍රාමිකයින් ඇතුළුව ජනවාරියේ සිට 5000 දීමනාව හම්බ වෙන තවත් අය මෙන්න..

විශ්‍රාමිකයින් ඇතුළුව ජනවාරියේ සිට 5000 දීමනාව හම්බ වෙන තවත් අය මෙන්න..

ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක වන පරිදි සෑම විශ්‍රාමිකයෙකුටම රුපියල් 5000ක දීමනාවක් ලබාදෙන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

අද සන්ධ්‍යාවේ දී මුදල් අමාත්‍යාංශයේ දී පැවැති විශේෂ මාධ්‍ය හමුවේ දී මේ බව පැවසීය.

මීට අමතරව ආබාධිත සෙබළුන් සඳහා ලබාදෙන ලබාදෙන දීමනාවට අමතරව ඔවුන්ට ද මාසිකව රුපියල් 5000ක දීමනාවක් ලබාදෙන බවද මුදල් ඇමැතිවරයා පැවැසීය.

මීට අමතරව සෑම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ ඖෂධ සඳහා පනවා තිබෙන බදු ඉවත් කිරීමට පියවර ගන්නා අතර එම නිසා ඒවායේ මිල පහළ යනු ඇතැයි අපේක්ෂා කරන බවද බව ද ඇමතිවරයා සඳහන් කළේය.

පොහොර ප්‍රශ්ණය හේතුවෙන් වී ගොවීන්ගේ ආදායම අඩු වුවහොත් ඒ සඳහා සහනයක් ලබාදීමේ අරමුණින් සෑම වී කිලෝවකට ම රුපියල් විසි පහක අමතර මිලක් ලබාදෙන බව ද ඇමැතිවරයා සඳහන් කළේය.

දැනට වී කිලෝවකට ලබාදෙන රුපියල් පනහේ සහතික මිල රුපියල් 75ක් දක්වා ඉහළ නගින බව ද ඔහු සඳහන් කළේය.

මීට අමතරව සමෘද්ධිලාභී පවුල් සඳහා සහ ගෙවතු වගාවල නිරත පවුල් සඳහා ද විශේෂ දිමනා ලබා දෙන බවද බව ද ඇමැතිවරයා සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here