තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඡන්ද නාමලේඛනයේ නම නැද්ද? දැන්ම ගිහින් අහන්න

    ඡන්ද නාමලේඛනයේ නම නැද්ද? දැන්ම ගිහින් අහන්න

     

    ලබන වසර සඳහා වන ඡන්ද හිමි නාමලේඛනය මේවනවිට සියලුම ග්‍රාම නිලධාරී කාර්යාලවල ප්‍රදර්ශනය කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

    මීට අමතරව ඡන්ද හිමි නාමලේඛනය දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලද ප්‍රදර්ශනයට තබා ඇති අතර මැතිවරණ කොමිෂන් සභාවේ https://www.elections.gov.lk/ යන වෙබ් අඩවියේ ද එම ලේඛන ප්‍රදර්ශනය කර ඇති බව කොමිෂන් සභාව නිවේදනය කර ඇත.

    කිසියම් ඡන්ද දායකයෙතුගේ නම ඡන්ද හිමි නාමලේඛනයේ නොමැති නම් ජනවාරි මස 3 වැනි දිනට පෙර ඒ පිළිබඳව ග්‍රාම නිලධාරීවරයාගෙන් විමසිය හැකි බව ද මැතිවරණ කොමිෂන් සභාව මෙසේ මහජනතාව වෙත දැනුම් දී ඇත.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img