Home උණුසුම් පුවත් කාබනික පොල් වගාව පිළිබඳ රණවිරු සංසද දැනුවත් කිරීමේ වැඩසටහනක්

කාබනික පොල් වගාව පිළිබඳ රණවිරු සංසද දැනුවත් කිරීමේ වැඩසටහනක්

කාබනික පොල් වගාව පිළිබඳ රණවිරු සංසද දැනුවත් කිරීමේ වැඩසටහනක්

අම්පාර දිස්ත්‍රික්කයෙහි රණවිරු සංසදවල සාමාජිකයන් 50 කු සදහා පොල් වගා කිරීමේ මණ්ඩලයෙහි අනුග්‍රහය මත පොල් වගාව පිළිබඳ දැනුවත් කිරීමේ විශේෂ න්‍යායාත්මක සහ ප්‍රායෝගික පුහුණු වැඩමුළුවක් මහඔය පියාසර ගමෙහි කාබනික පොල්වගා ජනපදය තුළ දී පසුගිය දා පැවැත්විණි.

රණවිරු සේවා අධිකාරියේ අම්පාර දිස්ත්‍රික් වැඩසටහන් නිළධාරිනී තරනි නිවර්තිකාගේ විශේෂ ආරාධනයෙන් මෙම වැඩසටහන සඳහා අම්පාර දිස්ත්‍රික් පොල්වගා කිරීමේ මණ්ඩලයෙහි සහකාර ප්‍රාදේශීය කළමනාකරු සහ ගොවිපල සැලසුම් නිලධාරී හා මහඔය පොල්වගා සංවර්ධන නිලධාරී සහභාගී වූහ.

මෙම වැඩසටහන සඳහා සහභාගි වූ රණවිරුවන් පනස් දෙනෙකු අතරේ බඳුන් පොල් පැළ සියයක් නොමිලේ බෙදා දීම ද මෙම වැඩසටහන අවසානයේ සිදු විය.

රණවිරු සේවා අධිකාරියේ සභාපති, විශ්‍රාමික මේජර් ජෙනරල් නන්දන සේනාධීර විසින් සිදුකරන ලද විශේෂ ඉල්ලීමකට ක්ෂණික ප්‍රතිචාර දක්වමින් පොල් වගා කිරීමේ මණ්ඩලයේ සභාපතිනී,ආචාර්ය ඒ.වී. කේ මාධවී හේරත් මහත්මිය විසින් මේ සඳහා අවශ්‍ය කඩිනම් පහසුකම් සපයනු ලැබීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here