Home උණුසුම් පුවත් චීනයේ පච්චාවලට තහනමක්

චීනයේ පච්චාවලට තහනමක්

0
චීනයේ පච්චාවලට තහනමක්

චීනයේ ජාතික පාපන්දු කණ්ඩායම නියෝජනය කරනු ලබන ක්‍රිඩකයින් හට පච්චා කෙටීම තහනම් කිරීමට එරට රජය තීරණය කර තිබේ.

ඒ අනුව මේවන විට තම ශරීරයේ පච්චා කොටා ඇති ක්‍රිඩකයින්ට එම පච්ච ඉවත් කරගන්නා ලෙසද නියෝග කර ඇත.

චීන බලධාරීන් විසින් මෙම තීරණය සම්බන්ධනේ ප්‍රකාශ කර ඇත්තේ වඩා හොඳ ආදර්ශයක් ලබාදීමේ අරමුණින් මෙම තීරණය ගත් බවයි.

2018 වර්ෂයේ සිට චීනය පච්චා කෙටීම සීමා කිරීම විශේෂ වැඩසටහනයක් ක්‍රියාත්මක කරගෙන යන අතර ඇතැම් ක්‍රිඩකයින් හට මීට පෙරද පච්චා වැසෙන ලෙස ඇදුම් පළදින ලෙස උපදෙස් දී තිබිණි.

චීන සංස්කෘතිය තුල පච්චා පහත් කොට සලකන අතර අතීතයේදී අපරාධකරුවන් හට පච්චා කෙටීම සිදුවූ අතර අදට සංවිධානාත්මක අපරාධකරුවන් විශාල වශයෙන් පච්චා කෙටීම සිදුකරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here