මුල් පිටුව උණුසුම් පුවත් මාසෙකට පස්සේ ගෑස් බෙදද්දී වූ දේ

මාසෙකට පස්සේ ගෑස් බෙදද්දී වූ දේ

0

මාසයක පමණ කාලයකට පසුව රට පුරා ප්‍රදේශ කිහිපයකට ගෑස් බෙදාහැරීමට ලිට්රෝ සමාගම අද පියවර ගත්තේය.

ඒ අනුව කොළඹ, ගම්පහ සහ කළුතර ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයක ගෑස් බෙදාහැරීම අද පෙරවරුවේ සිදු කළ බව ලිට්රෝ සමාගම සඳහන් කළේය.

ගෑස් අලෙවිසල්වලට ලැබෙන පුවත ආරංචි වීමත් සමඟ බොහෝ පිරිසක් ගෑස් අලෙවිසැල් ඉදිරිපිට පැය ගණනක් පෝලිමේ සිටිනු දක්නට ලැබිණ.

ඇතැම් පිරිසකට ගෑස් මිල දී ගැනීමට ලැබුණු අතර තවත් පිරිසකට හිස් අතින් නිවෙස් බලා යාමට සිදුවිය.

මේ පිළිබඳ කළ විමසුමකදී ගෑස් අලෙවි කරුවන් කියා සිටියේ තමන් ඉල්ලුම් කළ ගෑස් ටැංකි ප්‍රමාණයට වඩා බොහෝ අඩු ප්‍රමාණයක් ලැබුණු බවය.

එම නිසා නිතිපතා තමන්ගෙන් ගෑස් මිලදීගන්නා පාරිභෝගිකයින් බොහෝ පිරිසකට ගෑස් අලෙවි කිරීමට හැකියාව නොලැබුණු බව ද අලෙවිකරුවෝ පැවැසූහ.

සොනාල් සිල්වෙස්ටර්

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version