තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රට යන්න කලින් මේ ගැන සොයා බලන්න..

    රට යන්න කලින් මේ ගැන සොයා බලන්න..

    යාපනය ප්‍රදේශයෙන් සතියක් ඇතුලත මැලේරියා රෝගීන් දෙදෙනකු හමුවී ඇතැයි ජාතික මැලේරියා මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් රණවීර මහතා පැවසීය.

    එක් රෝගියෙකු මෑතකදී විදේශ රටක සිට පැමිණ ඇතැයි ද ඔහුට එම රටේ දී මැලේරියාව වැළඳී ඇතැයි සැක කරන බව ද අධ්‍යක්ෂවරයා කීය.

    යාපනයේ ප්‍රදේශයෙන් එලෙස හදිසියේ මැලේරියා රෝගීන් දෙදෙනකු හමු වීම නිසා එම දිස්ත්‍රික්කය පුරා මදුරු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කරමින් තිබෙන බවද ප්‍රසාද් රණවීර මහතා කීය.

    වසරක පමණ කාලයක් ඇතුළත අප්‍රිකානු රටක සිට හෝ මැලේරියාව තිබෙන්නේ රටක සිට පැමිණ ඇති පුද්ගලයින්ට උණ රෝගය වැළඳුනහොත් ඒ පිළිබඳව වෛද්‍යවරයෙකුට දැනුම් දී උපදෙස් ගත යුතු බවද ඔහු සඳහන් කළේය.

    තවද මැලේරියාව ව්‍යාප්තව තිබෙන රටකට සංචාරය කිරීමට පෙර රජයේ රෝහලකට ගොස් නොමිලේ මැලේරියා මර්දන පෙති ලබා ගැනීමට අමතක නොකළ යුතු බවද හෙතෙම සඳහන් කළේය

    සොනාල් සිල්වෙස්ටර්

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img