තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඩොලර් ඉතිරි කරගන්න රටවල් කිහිපයක තානාපති කාර්යාල වසා දැමේ

    ඩොලර් ඉතිරි කරගන්න රටවල් කිහිපයක තානාපති කාර්යාල වසා දැමේ

    නයිජීරියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය, ජර්මනියේ ශ්‍රී ලංකා කොන්සල් ජෙනරාල් කාර්යාලය සහ සයිප්‍රසයේ කොන්සල් ජෙනරාල් කාර්යාලය යන විදේශ දූත මණ්ඩල සේවා 3 තුන මේ මස 31 වැනිදා සිට තාවකාලිකව වසා දැමෙන බව විදේශ කටයුතු අමාත්‍යංශය අද පස්වරුවේ නිවේදනය කළේය.

    ගෝලීය වසංගත හමුවේ එල්ල වී ඇති බරපතළ ආර්ථික අභියෝගය හමුවේ විදේශ සබඳතා පලදායී ලෙස පවත්වාගෙන යාම අනෙකුත් සංචිත සුරක්ෂිත කරගැනීමේ පියවරක් ලෙස මෙම තීරණය ගත් බවද විදේශ කටයුතු අමාත්‍යංශය කියයි.

    මෙම කාර්යාලය සිදුකරන කටයුතු වෙනත් ශ්‍රී ලංකා තානාපති කාර්යාල වෙත පවරන බව ද එහි සඳහන් වේ.

    මෙලෙස වසා දමා ඇති දූත මණ්ඩල කාර්යාල ඉදිරියේ දී නැවත ස්ථාපිත කිරීමට සලකා බලන බවද විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කරයි.

    සොනාල් සිල්වෙස්ටර්

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img