මුල් පිටුව උණුසුම් පුවත් සතොස එකවර දෙන හාල් කිලෝ ගණන වැඩි කරයි

සතොස එකවර දෙන හාල් කිලෝ ගණන වැඩි කරයි

0

උත්සව සමයේ එක් පාරිභෝගිකයෙකුට සතොස අලෙවිසැල්වලින් මිලදී ගත හැකි සහල් ප්‍රමාණය හෙට (27) සිට කිලෝග්‍රෑම් 10ක් දක්වා වැඩිකළ බව වෙළෙඳ අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා newswave.lk වෙත පැවසීය.

ලබන (31) වැනිදා දක්වා මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක බව අමාත්‍යවරයා සදහන් කළේය.

කීරි සම්බා වෙනුවට ආදේශකයක් ලෙස සුපිරි සම්බා සතොසට හඳුන්වා දී ඇති බව කී අමාත්‍යවරයා මෙම සහල් කිලෝව රුපියල් 130 බැගින් සතොස අළවිසැල් මගින් අළවි කරන බව ද පැවසීය.

මීට අමතරව සතොස සහන මල්ලට සීනි මිලදී නොගන්නා පාරිභෝගිකයින්ට අමතරව සහල් කිලෝග්‍රෑම් දෙකක් ලබාදීමට ද තීරණය කර තිබෙන බව අමාත්‍යවරයා සදහන් කළේය.

ගනේශ් වීදියබණ්ඩාර

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version