තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඩොලරයකට වැඩිපුර ගෙවන දීමනා කාලය දීර්ඝ වෙයි

    ඩොලරයකට වැඩිපුර ගෙවන දීමනා කාලය දීර්ඝ වෙයි

    විදේශ රටවල සේවය කරන ශ්‍රී ලාංකික ලාංකිකයින් මෙරටට එවනු ලබන මුදල් ශ්‍රී ලංකා රුපියල්වලට මාරු කිරීමේදී දැනට එවන අමරිකානු ඩොලර් එකට රුපියල් 10ක වැඩිපුර දීමනාව ලබන ජනවාරි මස 31 වැනිදා දක්වා ලබා දීමට තීරණය කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව කියයි.

    අමරිකානු ඩොලරයකට වැඩිපුර රුපියල් දහයක් ගෙවීම මේ මස 31 වෙනිදා දක්වා පමණක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව මීට පෙර තීරණය කර තිබිණි.

    තවද ශ්‍රී ලංකාවට විදේශ විනිමය එවීම ප්‍රවර්ධනය කිරීම සඳහා තවත් සහන ප්‍රකාශයට පත් කරන බවද මහ බැංකුව කියයි.

    ඒ අනුව මෙරටට එවන ඇමරිකානු ඩොලරයක් සඳහා බැංකුවකින් හෝ විදේශ විනිමය හුවමාරු ස්ථානයකින් ලබා දෙන මුදල රුපියල් 210 කි.

    සොනාල් සිල්වෙස්ටර්

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img