මුල් පිටුව උණුසුම් පුවත් ලබන බදාදා සිට බස් ගාස්තු වැඩිවෙන හැටි

ලබන බදාදා සිට බස් ගාස්තු වැඩිවෙන හැටි

0

ලබන බදාදා බස් ගාස්තුවල සුළු වැඩිවීමක් සිදුවනු ඇති බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ හැකිතාක් අවමයෙන් එම වැඩිකිරීම කොන්දේසියක් මත සිදුකිරීමට අපේක්ෂා කරන බවයි.

ජනහමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා ඒ පිළිබඳ මෙසේ පැවසීය.

“ඉන්ධන මිල අකමැත්තෙන් වුණත් ඉහළ දමන්න සිදුවුණා. ලබන සතිය වනවිට බස් ගාස්තු සංශෝධනයකට යන්න වෙනවා. කැමැත්තෙන් කරන දෙයක් නෙවෙයි. එයත් හැකිතාක් අවමයෙන් බස් ව්‍යාපාරිකයන් වගේම මගියා ගැනත් හිතලා පුළුවන් තරම් සුළු බස් ගාස්තු වැඩිවීමක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒකත් කරන්නේ තවමත් ආසන ගණනට මගීන් ගෙනයාම ඉවත් කරන්න දීලා නෑ. ඒක ඉවත් කරන්න සෞඛ්‍ය අංශ අවසර දීපු දවසක නැවතත් බස් ගාස්තු අඩු කිරිමකට ලක්කරන කොන්දේසිය මතයි.”

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version