Home උණුසුම් පුවත් සීමාවාසික වෛද්‍ය පත්වීම් දීපු හැටි වෛද්‍ය පරිපාලකයෝ කියති

සීමාවාසික වෛද්‍ය පත්වීම් දීපු හැටි වෛද්‍ය පරිපාලකයෝ කියති

සීමාවාසික වෛද්‍ය පත්වීම් දීපු හැටි වෛද්‍ය පරිපාලකයෝ කියති

සීමාවාසික පුහුණුව නිම කළ වෛද්‍යවරුන්ට පත්වීම් ලබා දීමේදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිසි ක්‍රමවේදය අනුගමනය කර තිබෙන බව වෛද්‍ය පරිපාලකයින්ගේ සංසදය සඳහන් කරයි.

සීමාවාසික වෛද්‍ය පත්වීම් ලබාදීමේදී මාරු මණ්ඩලවල අනුමැතිය ලබා නොගත් බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉකුත් දිනවල සිදු කළ චෝදනාව පදනම් විරහිත ජනතාව නොමග යවන එකක් යැයි ද වෛද්‍ය පරිපාලකයින්ගේ සංසදයේ සභාපති වෛද්‍ය අර්ජුන තිලකරත්න මහතා පැවසීය.

වසා දමා ඇති වෛද්‍ය ආයතන ක්‍රියාත්මක කිරීම, වෛද්‍ය නිලධාරීන්ගේ හිඟය අවම කිරීම යන කරුණු කාරණා සලකා බලා පශ්චාත් වෛද්‍ය උපාධි පත්වීම් ලබාදුන් බවද තිලකරත්න මහතා කීය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සදාචාර විරෝධී වර්ජනවලට එරෙහිව වෛද්‍යවරු නැගී සිටිය යුතු බවද සභාපතිවරයා කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here