තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අද සවසත් විදුලිය කැපෙයි - සතියක් වෙන්නත් පුළුවන්

    අද සවසත් විදුලිය කැපෙයි – සතියක් වෙන්නත් පුළුවන්

    අද(22) පස්වරු 6 සිට රාත්‍රී 9.30 දක්වා ප්‍රදේශ කිහිපයකට විදුලිය විසන්ධි වීමට ඉඩ ඇතැයි විදුලිබල අමාත්‍යාංශය පවසයි.

    නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ ජනක යන්ත්‍ර 2ක් අද වන විට ක්‍රියා විරහිත වීම නිසා දිනකට පැය භාගයක පමණ කාලයක් විටින් විට ප්‍රදේශ ගණනාවකට විදුලිය විසන්ධි වීමට ඉඩ තිබෙන බව විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.

    නොරොච්චෝලේ බලාගාරයේ ජනක යන්ත්‍ර තුනෙන් අද වන විට ක්‍රියා ක්‍රියාත්මක වන්නේ මෙගාවොට් 300ක එක් ජන යන්ත්‍රයක් පමණක් හෙයින් විදුලිය විසන්ධි කිරීමට සිදුවන බවද ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රකාශකයකු පැවසීය.

    නොරොච්චෝල බලාගාරය එක තුන් වෙනිදා ඉකුත් 3 වැනිදා ක්‍රියා විරහිත වූ අතර විදුලි ජනන කටයුතු ආරම්භ කෙරුණ ද ඊයේ රාත්‍රියේ තවත් ජනන යන්ත්‍රයක් යන්ත්‍රය ක්‍රියාවිරහිත වීම නිසා මේ වන විට යන්ත්‍ර දෙකක විදුලි ජනනය සිදු නොවන බවද එම ප්‍රකාශකයා පැවසීය.

    එම නිසා තවත් සතියක පමණ කාලයක් යනතෙක් ප්‍රදේශ ගණනාවකට විටින් විට දිනකට පැය භාගයක පමණ කාලයක් විදුලිය විසන්ධි වීමට සිදුවනු ඇතැයි ද ඔහු කීය .

    සොනාල් සිල්වෙස්ටර්

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img