තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කොළඹ සරසවියේ කුලපති හිමිට උපාධි ප්‍රදානෝත්සවයේදී දැවැන්ත විරෝධයක්

    කොළඹ සරසවියේ කුලපති හිමිට උපාධි ප්‍රදානෝත්සවයේදී දැවැන්ත විරෝධයක්

    කොළඹ විශ්ව විද්‍යාලයේ උපාධි ප්‍රධානෝත්සවය අද පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී අද පැවති අතර එහිදී උපාධි මංජුසා පිරිනැමීම උපකුලපතිනි ජ්‍යේෂ්ඨ මහාචාර්ය චන්ද්‍රිකා එන්.විජේරත්න මහත්මිය අතින් සිදුකෙරිණ.

    කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියන් උපාධි ප්‍රදානෝත්සවයට පැමිණ සිටියද උන්වහන්සේ අතින් උපාධි මංජුසා පිරිනැමීම සිදුනොවූ අතර උපකුලපතිනිය අතින් උපාධි මංජුසා පිරිනැමීම සිදුවිය.

    මේ අතර විශ්වවිද්‍යාලයේ ආචාර්ය සංගම් කිහිපයක් සහ මහා ශිෂ්‍ය සංගමය විශ්ව විද්‍යාල පරිපාලනයට දන්වා තිබුණේ කුලපති ස්වාමීන් වහන්සේ අතින් උපාධි මංජුසා ලබාගැනීම ප්‍රතික්ෂේප කරන බව ය.

    එම නිසා උන්වහන්සේට උපාධි ප්‍රදානෝත්සවයට ආරාධනා නොකරන ලෙස ද ආචාර්යවරුන් පිරිසක් සහ ශිෂ්‍යයින් පිරිසක් උපකුලපතිනියගෙන් ඉල්ලා තිබිණ.

    කෙසේ වෙතත් එම උපාධි ප්‍රදානෝත්සවයට කුලපති ස්වාමීන් වහන්සේට ආරාධනා කර තිබූ අතර උන්වහන්සේ අතින් විශේෂ සම්මාන උපාධි කීපයක් පමණක් පිරිනමා සියලුම උපාධි මංජුසා පිරිනැමීම කුලපතිනිය අතින් සිදු කෙරිණ.

    මේ අතර උපාධි ලබා ගැනීමට පැමිණි සිටි සිසුන් ඊයේ කළු පටි පැළැඳ කුලපති ස්වාමීන් වහන්සේට විරෝධය දක්වා තිබෙනු දක්නට ලැබිණ.

    සොනාල් සිල්වෙස්ටර්

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img