Home උණුසුම් පුවත් හෙද සභාවේ පූජ්‍ය මුරුත්තෙට්ටුවේ හිමිගේ බලය අඩු වෙයි – රත්නප්‍රියට ඇපත් නෑ

හෙද සභාවේ පූජ්‍ය මුරුත්තෙට්ටුවේ හිමිගේ බලය අඩු වෙයි – රත්නප්‍රියට ඇපත් නෑ

හෙද සභාවේ පූජ්‍ය මුරුත්තෙට්ටුවේ හිමිගේ බලය අඩු වෙයි – රත්නප්‍රියට ඇපත් නෑ

ශ්‍රී ලංකාවේ හෙද සභාවට සාමාජිකයන් පත්කිරීමේ නිලවරණය ඉකුත් 11 වැනි දින පැවති අතර එහිදී සාමාජිකයන් 4 දෙනෙකු පත්කර ගැනීමට සමස්ත ලංකා හෙද සංගමයේ සමත් වී තිබේ.

ශ්‍රී ලංකා හෙද සභා නිලවරණයට සමස්ත ලංකා හෙද සංගමයේ සාමාජිකයින් පස්දෙනකු තරඟ කළ අතර ඉන් හතර දෙනෙකුම වැඩි ඡන්ද ලබා ජයග්‍රහණය කර ඇත.

මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියන්ගේ නායකත්වය දරන රාජ්‍ය සේවා හෙද සංගමය නිලවරණයට තරග කළ නමුත් ජයග්‍රහණය කර ඇත්තේ එක් සාමාජිකාවක් පමණි.

සමන් රත්නප්‍රිය මහතා නායකත්වය දරන රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය ද එම නිලවරණයට තරග කළ නමුත් කිසිදු සාමාජිකයෙකුට ජයග්‍රහණය හිමි නොවීය.

ශ්‍රී ලංකා හෙද සභාව සාමාජිකයින් 19 දෙනෙකුගෙන් සමන්විත වන අතර නිල බලයෙන් අට දෙනෙකු සහ නිලවරණයෙන් එකොළොස් දෙනෙකු හෙද සභාවට පත් වෙති.

ශ්‍රී ලංකා හෙද සභාව පළමුව නිලවරණය 2011 වසරේ පැවති අතර 2016 වසරේ දී එම සභාවේ නිල කාලය අහෝසි විය.

ඉන්පසු නිලවරණයක් පැවැත්වූයේ ඉකුත් එකොළොස් වැනි දිනය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here