තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඇමරිකාවේ කොරෝනා මරණ ලක්ෂ අටේ සිමාවට ආසන්න වෙයි

    ඇමරිකාවේ කොරෝනා මරණ ලක්ෂ අටේ සිමාවට ආසන්න වෙයි

    ඇමරිකා එක්සත් ජනපදයේ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව ලක්ෂ අටක සීමාවට ආසන්න වී තිබේ.

    ඒ අනුව මේවන විට එරට සෞඛ්‍ය දත්ත වලට අනුව හත් ලක්ෂ අනූ හතදහසකට අධික පිරිසක් කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මරණයට පත්ව ඇත. එම සංඛ්‍යාව එරට උතුරු ඩෙකෝටා ප්‍රන්තයේ සමස්ත ජනහගනය ඉක්මවා ඇති බවද ඇමරිකානු මාධ්‍ය පෙන්වා දෙයි.

    එළැඹෙන නත්තල් සමයත් අධික සීත කාලගුණයත් හේතුවෙන් නව ආසාදිතයින්ගේ වර්ධනයක් පෙන්නුම් කළ හැකි බව ඇමරිකානු සෞඛ්‍ය බලධරීන් අනතුරු අඟවා තිබේ.

    මෙම වසර ආරම්භයේ සිට ඇමරිකාව තුල කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් පුද්ගලයින් හාරලක්ෂ පනස් දහසකට අධික සංඛ්‍යාවක් මරණයට පත් ඇත.

    වසංගතය ආරම්භයත් සමඟ ඇමරිකාව තුල වාර්තා වූ මරණ වලින් අඩකට වැඩි ප්‍රමාණයක් කොරෝනා ආසාදිත මරණ බවද එරට වාර්තා පෙන්වාදෙයි.

    කොරෝනා ආසාදිතව මරණයට පත්වූ ඇමරිකානුවන්ගෙන් වැඩි පිරිසක් එන්නත්කරණය ලක් නොවූ පුද්ගලියන් බවද සෞඛ්‍ය බලධාරීන් පවසිය.

    වාසල සේනාරත්න

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img