තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්හිටපු මහඇමති විදුහල්පතිනියක දණගැස්වූ නඩුවට අන්තිමට වෙච්චි දේ

    හිටපු මහඇමති විදුහල්පතිනියක දණගැස්වූ නඩුවට අන්තිමට වෙච්චි දේ

    ඌව පළාතේ හිටපු ප්‍රධාන අමාත්‍ය වර්තමාන පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා බදුල්ල දෙමළ බාලිකා මහා විද්‍යාලයේ විදුහල්පතිනිය දණ ගැසූ බව කියන නඩුව බදුල්ල සමථ මණ්ඩලයේ දී ඊයේ දෙපාර්ශ්වයේ එකඟතාවෙන් සමතයකට පත්විය.

    බදුල්ල දෙමළ බාලිකා මහා විද්‍යාලයේ විදුහල්පතිනිය බවානි රඝුනාදන් මහත්මියගේ කැමැත්ත මත නඩුව සමථයකට පත් වූ අතර ඊට චාමර සම්පත් දසනායක මහතාද එකඟතාවය පළ කළේය.

    රට පුරා මහත් ආන්දෝලනයකට තුඩු දුන් එම සිද්ධිය 2018 වසරේ දී සිදු වූ අතර බදුල්ල දෙමළ මහා විද්‍යාලයේ විදුහල්පතිනිය පොලිසියට පැමිණිලි කර තිබුණේ චාමර සම්පත් දසනායක මහතා ලිපියකින් දමා තිබූ පරිදි කිසිවකු පාසලට ඇතුලත් කර නොගැනීම නිසා ඔහු තමා කැඳවා දණගැස්වූ බවට ය.

    එම පැමිණිල්ල බදුල්ල පොලීසිය විසින් බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණය නඩු පවරනු ලැබූ අතර පසුව නීතිපතිවරයාගේ උපදෙස් පරිදි එම නඩුව සමත මණ්ඩලයට යොමු කෙරිණ.

    සමථ මණ්ඩලයේ දී දීර්ඝ නඩු විභාගයකින් පසුව ඊයේ එය අවසන් කෙරිණ.

    නඩුව සමථයකට සමතයකට පත්වීමෙන් පසුව ජනමාධ්‍ය ජනමාධ්‍ය අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සඳහන් කළේ දෙමළ මහා විද්‍යාලයේ විදුහල්පතිනිය කිසියම් පිරිසකගේ අවශ්‍යතාවය මත බොරු පැමිණිල්ලක් සිදු කළ බවය.

    එම පැමිණිල්ල නිසා තමාගේ දේශපාලන ජීවිතයට අපකීර්තියක් සිදු වූ බව ද දසනායක මහතා සඳහන් කළේය.

    කෙසේ වෙතත් තමා සත්‍ය හෙළිවන තුරු නිහඬව සිටි බවද ඔහු සඳහන් කළේය.

    සිද්ධිය සම්බන්ධයෙන් ජනමාධ්‍ය කළ විමසුමකදී බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනි සඳහන් කළේ තමාට කිසියම් පිරිසක් බලපෑම් කළ හෙයින් එම පැමිණිල්ල යොමුකළ බව ය.

    එහෙත් තමා සමගම පිරිස මේ වන විට නොමැති බව සිද්ධිය සම්බන්ධයෙන් හිටපු මහ ඇමතිවරයාට තමා කනගාටුව පළ කරන බව ද රගුනාදන් මහත්මිය සඳහන් කළාය.

    සොනාල් සිල්වෙස්ටර්

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img